Thursday, January 11, 2018

දරුවන් සකසුරුවමින් ජීවත් කරවීම..ජනතා මුදල් නිසි ලෙස පරිහරණයට හුරු කිරීම.. දෙමාපිය අපේ වගකීමක් නොවේද



නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් සිසුන් වෙත පෙළපොත් විකිණිමට සහ පෙළපොත් ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවට විවිධ පාර්ශව විසින් පසුගිය දින වල දී එල්ල කළ පටු දේශපාලනික චෝදනා මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

පෙළ පොත් මුද්‍රණය සඳහා වැය වන්නේ අපේම  බදු මුදල් බව අප අමතක කළ යුතු නැත.

එම මුදල් යොදා ගනිමින් කරනු ලබන අධික වියදම අවම කරමින් එම මුදල් තවත් කටයුත්තක් සඳහා යෙදවීමට හැකි වන පරිදි මුදල් කළමනාකරණය කරවීමේ අරමුණින් මෙන්ම සිසුන්ට පෙළපොත්වල අගය කියාදීමේ අරමුණින්  රජය විසින් නොමිලේ ලබා දෙන පෙළපොත් අවම වශයෙන් වසර දෙකක කාලයක්වත් භාවිතා කිරීමට සිසුන් යොමුකරවීමට තීරණය කර ඇත්තේ ඒනිසායි.

වසරක් භාවිතා කරන ලද පෙළපොත් නැවත භාවිතා කිරීම පිළිබඳ ඇති අකමැත්ත හේතුවෙන් ඇතැම් සිසුන් මෙන්ම දෙමාපියන් බොහෝ දෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ මිල දී ගැනීමේ මධ්‍යස්ථාන හරහා නව පෙළපොත් මිල දී ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති අතර එය ඇතැමුන් වැරදි සහගත ලෙස අර්ථකථනය කර ඇති බවයි පෙනෙන්නේ.

කෙසේ වෙතත් දරුවන් සකසුරුවමින් ජීවත් කරවීමට මෙන්ම  ජනතා මුදල් නිසි ලෙස පරිහරණයට හුරු කිරීම දෙමාපිය අපේ වගකීමක් බව අප අමතක නොකළ යුතුයි.

No comments:

Post a Comment